Saturday, June 16, 2012

politics




ජ.වි.පෙ. ට මළ කඳන් හමුවීම






එල්ලෙන්න වැලේ වැල් නැතිව හිටියත් මොකක්දෝ අරුමයකට ජනතා විමුක්ති පෙරමුණට  එල්ලෙන්න  කොටි වලිගයක් හරි  හමුවීම  පුදුම ආශ්චර්යයක්ය. ඊයේ (15)  බෙලිඅත්ත ක‍ටුවන පැවැති එම පක්ෂයේ ජන හමුවකට  නාමල් රාජපක්ෂගේ නිල් බලකායේ ප්‍රාදේශීය නායකයා ද වන   මිනීමරුම් 22කට හා ස්ත්‍රී දූෂණ 11කට  අධිකරණ වරෙන්තු  පිට නමුත් බෙලිඅත්ත නගරයේ  ප්‍රසිද්ධියේ  T56 කරේ එල්ලගෙන  මැදමුලනේ දේශපාලනය කරන ජූල්ලම්පිටියේ අමරේ   විසින් මාරාන්තික ප්‍රහාරයක් එල්ල කර  තවත් දෙදෙනෙකු මරාදැමීම  ජවිපෙට මේ වෙලාවෙ හැටියට රුපියල් ලක්ෂයක විතර ස්වීප්  එකකි.
  මෙය ස්වීප් එකක්  බව මා කියන්නේ  මේ වූ සිදුවීම  සම්බන්ධයෙන් වන  දැඩි විරෝධය  පළ කරන ගමන්මය. නැතිනම් මා විසින් ගෙන එනු ලබන චෝදනාව  ජවිපෙ කෙරෙහිවන හුදු පදනම් විරහිත  විරෝධයක් මත කරන පල් හෑල්ලක් වීම වලක්වනු බැරිය.
 මේ සිද්ධිය ජවිපෙට ස්විප් එකක් වන්නේ එම සිද්ධියට එරෙහිව ජවිපෙ  ගොඩ නගන විරෝධය පදනම් කර ගෙන නොවේ .  ජවිපෙ ඒ විරෝධය ගොඩ නැගිය යුතුය. ඒ නොකරන්නේ නම් ජවිපෙට  ගහල එලෙව්වාට කමක් නැත.
  එහෙත් එම විරෝධය මෙම සිද්ධියට පමණක් ලඝු කොට ගැනීමේ වරද  නොකිරීමටද වගබලා ගත යුතුය.පසුගිය වසර  කිහිපය පුරා මේරටේ දේශපාලනික හේතු මුල්කරගෙන  දේශපාලන ක්‍රියාකාරීන් දහස් ගනනක් අතුරුදහන් කිරීමට හෝ  ඝාතනය කිරීමට  ලක් විය.  විශේෂයෙන්ම උතුරු කරයේ දෙමළ දේශපාලන ක්‍රියාකාරීන්ට එරෙහිව ඉතා බරපතල ලෙස  රාජ්‍ය මර්දනයක් දියත් කර තිබේ. අදටත්  එකා දෙන්න අතුරුදහන් වීමට හෝ ඝාතනයට ලක් වීම  සුලබය.
  මේ ගැන ජවිපෙට කළබලයක් තිබුණේ නැත.  තමන්ගේ පක්ෂයේම  තමන් සමග උරෙනුර ගැටී  දේශපාලනය කළ  සහෝදරවරු  මත ගැ‍ටුමක ප්‍රතිපලයක් ලෙස වෙන්වන විට  ඊට එරෙහිව යකඩ පොලු වලින් ප්‍රතිචාර  දැක්වූ  ජවිපෙ    ලලිත් කුමාර හා කූගන් අතුරුදහන් වන විට කීවේ  ඔවුන් සිය කැමැත්තෙන් අතුරුදහන් වී ඇති බවය. එසේ කතා කියපු අයට රටේ සිදුවන අනෙක් ඝාතනයක් ගැන ඇති කැක්කුමක් තිබිය හැකි යැයි කල්පනා කළ නොහැක..
  මතවාදීමය හා සංවිධානමය වශයෙන් කූජිත වී සිටින අතර තුර  මොහොතක  වූ මේ ඝාතනයන් දෙක  නැතිවූ ‍රැස් වළලු යළි  විහිදා ගැනීමට යොදා ගත හැකි වුවත්  ජවිපෙ වැඩ කරන්නේ  කෝටි දහයක ස්විප් එකක් ඇදුනා සේ වීම  පෙනෙන්නට තිබේ.
  පුක කසා ගැනීමට නිය පොතත් නැති උනත්. කොහොමටත් උද්දච්චකමෙන්  අඩුවක් නොපෙන්න්වන ජවිපෙ මේ සිද්ධියත් සමඟ  පැවැත්වූ පුවත් පත් සාකච්ඡාවේදී  ඒ උද්දච්ඡකම කිහිප ගුණයකින්ම වඩිකර ගෙන තිබෙණ බව  අපූරුවට පෙන්නුවේය. 
  එක නිදසුනක්  පෙන්වන්නේනම්  මේ සිද්ධියට පෙර‍ටුගාමී සමජවාදී පක්ෂයේ සම්බන්ධයක් ඇති බවට ආණ්ඩුව කරන ප්‍රකාශය ගැන   මාධ්‍යවේදියකු කළ  විමසීමට  පිළිතුරු ලෙස ටිල්වින් සිල්වා කීවේ  පාරේ  නිකන් ඇවිදගෙන යන්නවත් දෙන්නෙක් හොයා ගන්න  බැරි පෙර‍ටුගාමීන්ට  මෙච්චර දෙයක් කරන්න  හයියක් නැති බවය. එහෙත්  මා දන්නා තරමින් නම්  ඔය ක‍ටුවන ‍රැස්වීම සංවිධානය කළේත්  එම ප්‍රදේශයේ  ජවිපෙ සංවිධාන ජාලය ජවිපෙට අහිමිවීමේ ප්‍රශ්නය විසදා ගන්නටය.
   කෙනකුට ස්විප් එකක් ඇදුනාම  තමන් උන් හිටි තැන්ද අමතක වීම සාමාන්‍ය දෙයකි. එහෙත් ජවිපෙ යනු එසේ සාමාන්‍ය දෙයක් නොවේ. මේ රටේ සමාජවාදය , යහපත් හෙට දවසක් ගැන, බලාපොරොත්තුවෙන්  ලක්ෂ ගනනක් දිවිපුදා ‍රැකගත් පක්ෂයයි. ඊට රටේ ජනතාව ඉදිරියේ විකටාකාරයෙන් කටයුතු කළ නොහැක.
 කෙනකුට ස්විප් එකක් ඇදුනාම  තමන් උන් හිටි තැන්ද අමතක වීම සාමාන්‍ය දෙයකි. එහෙත් ජවිපෙ යනු එසේ සාමාන්‍ය දෙයක් නොවේ. මේ රටේ සමාජවාදය , යහපත් හෙට දවසක් ගැන, බලාපොරොත්තුවෙන්  ලක්ෂ ගනනක් දිවිපුදා ‍රැකගත් පක්ෂයයි. ඊට රටේ ජනතාව ඉදිරියේ විකටාකාරයෙන් කටයුතු කළ නොහැක.  එම නිසා මේ ලැබුණු අවස්ථාව ( මේ ලැබිය යුතු අවස්ථාවක් නොවේ.) දේශපාලනිකව කල්පනා කොට මේ ජරපත් යාන්ත්‍රණය වෙනස් කරලීම සඳහා වන  පොදු ජනතා ක්‍රියාකාරිත්වය කුළු ගැන්විය හැකි අවස්ථාවක් බවට පෙරලා ගැනීමට ජවිපෙට දේශපාලනික පරිණත බාවයක් තිබිය යුතුය.


No comments:

Post a Comment