Thursday, June 14, 2012




ගයේෂා පෙරේරා
ගයේෂාගේ අලුත් පිම්ම

ලබන සතියේ කොරියාවේ හා ජපානයේ පැවැත්වෙන 'මිස් ඒෂියා 'පැසිපික් වර්ල්ඞ් නමැති රූ රැජිණ තරගය සඳහා ලංකාව නියෝජනය කරන්නට නිරූපිකාවක වන ගයේෂා පෙරේරා මේ වන විට ලක ලැහැස්ති වෙමින් සිටී. ජ්‍යාතන්තර  රූ ‍රැජින  තරගයන්හි දී  ශ්‍රි ලාංකික රූමතියන් එතරම් කැපී නොපෙනුනත් මේ තමයි ශ්‍රි ලාංකික  මොඩල් එක යනුවෙන් ලෝකයා කෙරෙහි  ශ්‍රි ලංකාව වෙත ඇස් හරවන්නට තරම් මෙහිදී මේ තරග කාරියන් ශ්‍රි ලාංකික අනන්‍යතාවය තහවුරු කරන්නට සමත්ව තිබේ මේ නිසා ජාත්‍යන්තර රූ රජින තරගයකට සහබාගීවීම යනුද  රට නියෝජනය කරන  තානාපති කාර්යයක් ලෙස තේරුම් ගත්තද වරදක් නැත. ඒ අර්ථයෙන්   ජයග්‍රහනය කෙසේ වෙතත්  කුහක කමකින් තොරව  සියලු  ශ්‍රි ලංකිකයන්ගේ  සුබ පැතුම් ඇයට  හිමිවිය යුතුය.

එහෙත්  රට නියෝජනය කළ පලියට  එය තමන්ට  රටේ දේශපාලනය කිරීමට ලැබුණු බලපත්‍රයක් ලෙස කිසිවකු හෝ කල්පනා කරන්නේ නම් එය බරපතල වැ‍රැද්දකි.  එහෙම කල්පනාකර වැඩ කරන්නට ගොස් වැඩ වරද්දා ගත් අය මෙන්ම  රටට කොඩිවිනයක් වූ අයද සිටියහ. එසේම රටට' ජෝක්' එකක් වූ චරිත  අදත් දේශපාලන භූමියේ  පිස්සු කෙළෙමින් සිටිනු දක්නට ලැබේ.

අපට මේවන විට දැන ගැනීමට ඇති ඇතැම් තොරතුරු අනුව   තවත් වැඩි කාලයක් නොගිහින් පැවැත් වීමට නියමිත ලබන මහ මැතිවරණයේදී  එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත් කෙරෙන කොළඹ දිස්ත්රීක් ලැයිස්තුවට ගයේෂා පෙරේරගේ නම ඇතුලත් කිරීමේ මූලික පියවරයන් දැනටමත් සකස් කර තිබේ. මේ වෙනුවෙන් සංධාන  ආණ්ඩුවේ තරුණ කටයුතු වෙනුවෙන් වෙහෙසෙන ප්‍රබලයෙක් මේ දිනවල කටයුතු කරමින් සිටී.

මෙම වසරේදී දෙවැනි වරට පවත්වනු ලබන මිස් ඒෂියා පැසිපික් වර්ල්ඞ් තරගාවලිය පසුගිය වසරේ පළමු වරට පැවැත්වූ අවස්ථාවේ ජයගත් යුක්රේනයේ ඩයනා ස්ටර්කෝවා මේ ජය නිසාම ලෝක සිනමාවට අවතීර්ණවූ අතර බෙනාසීර් භූතෝගේ චරිතයට පණපොවන චිත්‍රපටයකටද සම්බන්ධ වූවාය.
 එලෙසම, ගයේෂා පෙරේරා යම් කිසි ලෙසකින් හෝ ජයග්රහණය කළහොත් එයින් උපරිම දේශපාලන වාසි ගැනීමට මෙම ප්රබලයා දැනටමත් පුළුල් ප්රචාරයක් අරඹා තිබේ. ගයේෂා පෙරේරාට මෙම තරගයෙන් ජයග්රහනයක් ලබිය හැකිබව මේ තරුණ දේශපාලකයා  දැඩි ලෙස විස්වාසය තබා තිබේ. ඇගේ රූ සපුවෙන්  තමන්ගෙ  දෑස් අන්ධ වීම නිසා යැයි අනෙකෙකු ඔහුට කීවද ඔහු පිලිගන්නේ නැතැයිද  දැන ගැනීමට තිබේ. නිසා තමන්ගෙ ස්වාමියා කියන දේට  පිටින් නොගොස් වැඩ කිරීමට ගෝල බාලයෝද මේ දිනවල සැදී පැහැදී සිටී.

ගයේෂා පෙරේරා මේවන විටත් තරුණ සේවා සභාවේ උපදේශක තනතුරක් දරයි. ජාතික තරුණ සේවා සභාවේ සභාපති ලලිත් පියුම් පෙරේරා   ඇයට එම ආයතනයේ උපදේශක තනතුර ලබාදී ඇති අතර,   තරුණ තරුණියන්ට නිරූපණය ගැන උපදෙස් දීම ඇයට පැවරී ඇති රාජකාරියවේ.

කෙසේ නමුත් ගයේෂා පෙරේරාට  දේශපාලනය කිරීම සඳහා ඇති  අයිතියට අපි කිසිසේත්ම  බාධකයක් නොවෙමු. මේ රටේ ඕනෑම පුරවැසියේකුට සඳහා ඇති අයිතිය වෙනුවෙන්  කොන්දේසි විරහිතව පෙනී සිටීමටද අපි මැලි නොවෙමු.  නිළියක , නිරූපිකාවක වීම හෝ ගණිකාවක වීමද  දේශපාලනය කිරීමට  නුසුදුසු කමක් නොවේ. එවැනි වෘත්තීන්  නියෝජනය කරමින් දේශපාලනයට පැමිණ  මානව වර්ගයා වෙනුයේන් ඓතිහා සික මෙහෙවරක් ටු කළ අය ලෝක ඉතිහාසයෙ හිග නැත
ඒහෙත් අප කතා කරන්නේ   ශ්රි ලංකාවට සාපේක්ෂවය. මේත ජීවමාන උද හරණ වලින්ම කතා කරන්නේනම්  මේ ගැන අමුතුවෙන්  කතා කර කරන්නට තරම් දෙයකුත් නැත. පබාලා අනර්කලීලා ගීතලා මානලීලා   දේශපාලන වේදිකාවෙ රඟන විසුළුකාරී රංගනයන් රටට විනෝද වීමේ අවස්ථා ඕනෑ  තරම් ලබාදී තිබෙන බව ඇත්තකි. ඒහෙත් දේශපාලනය යනු  රටට විහිළු  සැපයීම නොවේවර්තමාන රාජපක්ෂ රෙජීමයේ අපේක්ෂාව එය විය හැකි  නමුත් එනම් සතර දිග්භාගයෙන්ම ඇසෙන දුක් අඳෝනා වසන් කිරීමේ උවමනාව මත මේ නිළියන්ව  දේශපාලනයට ගෙනවිත් රටම විහිළුවක් බවට පත්කොට ඇති තතු යටතේ  එසේම, දේශපාලනය කිරීම  බඩගෝස්තරය සොයාගන්නට කරන ජොබ් එකක්, ව්යාපාරයක්, ජාවාරමක්,කරගත්ත වුන් බහුල මේ රටේ එලෙස දේශපාලනය කරන වුන් ගැන සහ වුන්ගේ භාවිතය ගැන නම් අපට බරපතල විවේචනයක් හා දැඩි විරෝධයක් නම් තිබේ.
ගයේෂා පෙරේරාව දේශපාලනයටරැගෙන ඒමට  ඉහත කී දේශපාලකයාට ඇති පෞද්ගලික  මනාපය කුමක් වුවත්  ඒහි පළමු කොටම ඇති තක්කඩි දේශපාලන වුවමනාව නම්, සන්ධානය නියෝජනය කරන පබා, අනර්කලී වැනි සරාගී නිළියන්ගේ ජනප්රියත්වය මේ වනවිට පල්ලම් බැස  යමින් තිබෙන බැවින් ජනප්රිය අලුත්  සරාගී ස්ත්‍රී ශරීරයක්  ප්රදර්ශනය කරමින් ජන්ද කොල්ලකා ගැනීමට සන්ධාන ආණ්ඩුවේ ඇති සුදානවේ
මේ ආණ්ඩුව  දුවන්නේ සරාගී ස්ත්රී ශරීර වල පිහිටෙනි. ගණිකාවන්ගේ පිහිටෙනිස්ත්රී දූෂණය, බාලවයස්කාර දැරියන් දූෂණය ජාතික කර්ත්යවයක්,ජාතික ප්රතිපත්තියක් බවටද පත් කොට තිබීමේ පිහිටෙනි. ගයේෂා පෙරේරා ගේ අලුත් පිම්ම යනු එහිම   ඓන්ද්‍රීය කොටසකි.

No comments:

Post a Comment